International NewsNews

හිටපු ජනාධිපතිට පොලීසියට බාරවන ලෙස නියෝගයක්

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලාද සිල්වා මහතාට අද(06) දිනය තුළ පොලීසියට බාරවන ලෙස බ්‍රසීල අධිකරණයක් නියෝග කර තිබේ.
ඔහුට එරෙහිව එල්ල වි ඇති දුෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 12ක සිරදඩුවමක් නියම කර ඇති බව වාර්තා වෙයි.
ඔහුට වෙනම සිර මැදිරියක් සකස් කිරීමටත් අනෙකුත් සිරකරුවන්ගෙන් වෙන් කර තැබීමටත් අධිකරණය නියම කර තිබේ.
2003 වසරේ සිට 2011 වසර දක්වා බ්‍රසීල ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ලූලා ද සිල්වාට එරෙහිව චෝදනා එල්ල වුවද එරට ආර්ථිකය ගොඩනගමින් කටයුතු කිරීම හේතුවෙන් මහජනතාව අධිකරණ තීරණයට දැඩි විරෝධය එල්ල කර තිබේ.
ඒ අනුව දහස් සංඛ්‍යාත පිරිස් සාඕ පෝලෝ නුවර විරෝධතාවයේ යෙදී සිටින බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..

Malar FM

කැරලයින් ජූරි කිරුළ අතහරී… අන්තර්ජාලයෙන් සියළු ලෝ වැසියන් අමතා කියයි…

Malar FM

මුලතිව් කුරුදුමලෙයි විහාරස්ථානයට මැර පිරිසක් කඩාවදිති.. පොලිස් බලඇණි කැදවයි.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට..

Malar FM