Local NewsNews

වෑන් යතුරු පැදි අනතුරින් පුද්ගලයෙකු එළොව යයි

පුත්තලම  සිට කල්පිටිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පාලවිය කරඹ ප්‍රදේශයේදී (21) වන දින යතුරුපැදියක් සහ වෑන්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රියඅනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පුත්තලම රථ වාහන පොලීසිය සදහන් කරයි.

මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාලවිය,කරඹ, උලුක්කාපල්ලම ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි අක්බර් ජාබිර් නැමති පුද්ගලයෙකු බවත්, අදාළ පුද්ගලයා යතුරුපැදියේ ගමන් කිරමින් සිටියදී එකවරම අදාළ වෑන් රථයේ වේගය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව යාමෙන් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පරික්ෂණ පවත්වන රථ වාහන පොලීසිය සදහන් කරන්නේ.

සිද්ධියෙන් අනතුරුට පත් යතුරුපැදියට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, අදාළ වෑන් රථය කුලී පදනම මත රැගෙන විත් මෙම අනතුරු සිදුකර ඇති බවත්, අනතුරින් පසු වෑන් රථයේ රියදුරු පලාගොස් ඇති බව කියයි.

වෑන රථයේ රියදුරු සොයා පුත්තලම පොලීසිය පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබුණි.

Related posts

‘ඉරාජ්ට පහර දීමක් වෙලා…’- ඔහුගේ මිතුරා පේෂල කියයි..

Malar FM

නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..

Malar FM

අත්‍යවශ්‍ය නැත්නම් පාස්පෝට් ගන්න එපා..- රජයෙන් නිවේදනයක්..

Malar FM