Local NewsNews

නිවස අසළ ඔන්චිල්ලාවේ පැටලී දරුවා මරුට (PHOTOS)

ඔන්චිල්ලාවේ ලණුවකට ගෙළ හිරවීමෙන් දරුවෙනු මරණයට පත් වී තිබෙනවා.
 
මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චි මුලංගාවිල් අන්පුරත්තිල් ගමේ පදිංචි දහතුන් හැවිරිදි දරුවෙක්.
 
අද 01 උදෑසන එම දරුවා මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. 
 
පාසලේ වාර විභාගය අවසන් වීම හේතුවෙන් අද දිනයේ පාසල නොගොස් ඔහු නිවසේ නතර වී සිට ඇති අතර මව කිළිනොච්චිය රෝහලට පිටත්ව ගිය අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ මොහු පමණයි.
 
ඔහුගේ නිවස අසළින් ගිය අයෙක් දරුවෙකු ලණුවක සිර වී සිටිනු දැක වහාම පැමිණි ලණුව කපා දරුවා මුදා ගෙන තිබෙනවා.
 
ඒ අවස්ථාවේ දරුවා සිහිසුන් වී ඇති බව සිතා වහාම රෝහල් ගත කරන්නට පියවර ගෙන ඇති අතර රෝහල් ගත කරන විටත් දරුවා මිය ගොස් ඇති බවයි කිළිනොච්චි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. 
 
දරුවාගේ මව සිය දරුවා මිය ගොස් ඇති බව දැනගෙන ඇත්තේ දරුවාගේ මළ සිරුර රෝහලට රැගෙන පැමිණි අවස්ථාවේදීයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වැඩි බදු ආදායමක් අවශ්‍ය නම් මත්පැන් මිල අඩුකර ජනතාවට පානයට අවස්ථාව දෙන්න!

Malar FM

නීතිවිරෝධි වැලි කැනීම් වලට එරෙහිව දැඩි පියවර

Malar FM

ණය ප‍්‍රතිව්‍යුහගතකරණය අසාර්ථකයි.. ණය හිමියන් දැනටමත් නඩු දාලා..

Malar FM