NewsPolitical

පළාත් ඡන්දය ගැන අරලියගහ මැදුරේ සාකච්ඡාවක් – සැබෑ විපක්ෂ නායක ලබන සතියේ කලඑළියට

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පළාත් සභා ඡුන්ද විමසීම සම්බන්ධයෙන් පැවැත්වෙන 03 වන වටයේ සාකච්ඡාව වන මෙහිදී හෝ අවසන් විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියේ. 
 
මේ අතර සැබෑ විපක්ෂ නායකවරයා කවුරුන්දැයි එළඹෙන පාර්ලිමේන්තු සතියේදී දැක බලා ගැනීමට හැකිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවා. මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ රාත‍්‍රියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුවයි. මෙම රැුස්වීමට 
 
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයින් වන  එස් බී දිසානායක, සුසිල් පේ‍්‍රමජයන්ත් සහ ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න යන මන්ත‍්‍රීවරුන් එක්ව සිටියා.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…

Malar FM

නීති විද්‍යාලයේ අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් සිදු කිරීමට එකගයි.. නමුත් ක‍්‍රමයට එකග නෑ..

Malar FM

වෙලදුන් භාණ්ඩ හිඟයක් මවමින් මිල ඉහළ නංවනවා.. අත්‍යාවශ්‍ය ආහාර තොග පවත්වාගෙන යන්න..- ජනපති

Malar FM