LIFELIFE NEWSNews

දෛනික ව්‍යායාමයන් නතර කිරීමෙන් “ඩිප්‍රෙෂන්” තත්ත්වය නරක අතට

“විශාදය” හෙවත් ඩිප්‍රෙෂන් නමැති මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අය තමන් විසින් සිදුකරනු ලබන ව්‍යායාමයන් නැවැත්වුවහොත් කිසිදු ජීව විද්‍යාත්මක හේතුවක්‌ නොමැතිව දින තුනක කාලයක්‌ තුළදී ඔවුනගේ රෝග ලක්‌ෂණ නරක අතට හැරෙන බව නවතම බටහිර පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.
 ඔස්‌ටේ්‍රලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදු කර ඇති මෙම පර්යේෂණයට අනුව ක්‍රියාශීලී ව්‍යායාමයෙන් විශාදය රෝගීන් මිදුන හොත් යට වී තිබූ අඩු ඉරියව් මතු වීම ඇතුළු රෝග ලක්‌ෂණ ක්‌ෂණයකින් මතු වීමේ අවදානමක්‌ පවතී. පර්යේෂණය මෙහෙය වූ මහාචාර්ය බර්න්හාඩ් බෝන් ට අනුව විශාදය රෝගයෙන් පෙළෙන්නන් තමන් විසින් සිදුකරගෙන යන දෛනික ව්‍යායාමයන් කපා හැරීමෙන් සිය මානසික සුබසාධනයට බලපෑම් ඇති වන බව අවබෝධ කර ගත යුතුව ඇත. යහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ පවත්වා ගැනීමට හා විශාදය රෝගය වැළැක්‌වීමට සතියකට විනාඩි 180 ක සාමාන්‍ය ව්‍යායාම සිදු කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අතර වැඩි සෞඛ්‍ය ප්‍රතිලාභයන් ලැබීමට නම් විනාඩි 75 ක (සතියකට) දුෂ්කර ව්‍යායාම්වල නිරත වීම නිර්දේශ කර තිබේ.
courtesy : divaina.com

Related posts

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො.මිලියන 75 ක්

Malar FM

ලක්‍ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මත

Malar FM

‘ආපදා කළමනාකරණය දුර්වලයි’ – IMF කොන්දේසි අත්හිටුවා, කඳුකර ඉඩම් විකුණා දැමීම නවත්වන්න: ජන අරගල සන්ධානය

Malar FM