Local NewsNews

කොළඹ අවට 130ක් අතුරුදන්

කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් 130 දෙනෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පවසයි.
එම කාර්යාලය පවසන්නේ ඉන් වැඩි ප්‍රමාණයක් 1989 වසරේ අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය බස්නාහිර පළාතේ අතුරුදන්වූ පවුල්වල සාමාජිකයින් හමුවී සාකච්ඡා කිරිම ඊයෙ(16) සිදු කළේය.
බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික තුනෙහි අදාල සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ.
එම කාර්යාලය ජනතාව සමඟ කරන මෙම සංවාද වැඩපිළිවෙල මන්නාරම, මාතර, මුලතිව්, ත්‍රිකුණාමලය, යාපනය, සහ කිලිනෙච්චිය යන දිස්ත්‍රික මුල් කර ගනිමින් පසුගිය මැයි මාසයේදී සිදු කෙරුණි.
මෙම වැඩසටහන ඉදිරි සති කිහිපය තුළ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ද පැවැත්විමට කටයුතු කරන බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හූල්ට එරෙහිව විශ්වාසභංගයක්

Malar FM

චීනයේ නව වෛරසය සිඝ්‍රයෙන් ව්‍යාප්තවන ලකුණු : ගොදුරුවි ඇති පිරිස ඉහළට

Malar FM

නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීමට කමිටුව රැස්වෙයි

Malar FM