NewsPolitical

රජයේ වෛද්‍ය නිලධාරින් අගමැති හමුවෙයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වුණා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදුවී ඇති අතර, එහිදී රාජ්‍ය සේවයේ මෙන්ම සෞඛ්‍ය සේවයේ පවතින ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

වෘත්තීයවේදීන්ට තම සේවාවන් දිරිගැන්වීම් සහිතව රටට සේවය ලබාදීම සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරදීම ද, විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත ලබාදීම සම්බන්ධයෙන් ද, රාජ්‍ය සේවය සදහා දීමනා ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා වන මූලික වැටුප් ක්‍රමවේදයක් ඇති කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

(under the courtesy of hirunews.lk news web)

Related posts

20,000ක් වැඩි කරනු.. රාජ්‍ය සේවකයන් රට පුරා විරෝධතා..

Malar FM

කොරෝනා වලියක්.. PHI ලාට පහර දෙති..

Malar FM

රවී ගෙන් ශ්‍රීලනිප ඇමතිවරුන්ට ප්‍රහාරයක් (වීඩියෝ)

Malar FM