NewsSportsSports News

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 211ක ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලකුණු 211කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, ලකුණු 462ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා දෙවන ඉණිම ලකුණු 250කට සීමා කරමින්.

මෙම තරගයේ පළමු ඉණිමේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 342ක් රැස් කළ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමට රැස් කළේ ලකුණු 203ක් පමණයි.

එංගලන්ත කණ්ඩායම දෙවන ඉණිමේදී කඩුලූ 06ක් දැවී ලකුණු 322ක් රැස් කර සිටියදී සිය ඉණිම අත්හිටවනු ලැබුවා. ශ‍්‍රී ලංකා දෙවන ඉණිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 53ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් රැස් කළා. පන්දු යැවීමේදී මොයින් අලි ලකුණු 71කට කඩුලූ 04යි.

මෙම තරගය ශ‍්‍රී ලංකා සුපිරි වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත්ගේ අවසන් ටෙස්ට් තරගය ද වනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහමගදී පොලිස් නිළධාරීන් යටකර පළා ගිය ටිපර් රථ රියදුරෙකු සොයා පරීක්ෂණ

Malar FM

කුවේට් එයාර්වේස් ශ‍්‍රී ලංකා ගමන් තවතා දමයි….

Malar FM

“20” ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

Malar FM