International NewsNews

සුලෙයිමානි ඝාතනය ගැන ට‍්‍රම්ප් යළිත් හේතු කියයි

අමෙරිකාවට අයත් විදෙස් තානාපති කාර්යාල 04 ක්, ඝාතනයට ලක්වූ ඉරානයේ හිටපු හමුදා ප‍්‍රධානී කසිම් සුලෙයිමානිගේ තර්ජනයන්ට ලක්ව තිබූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා.

ඒ, විදෙස් මාධ්‍යයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයි. එම තානාපති කාර්යාලවලට ප‍්‍රහාර එල්ල කිරීමට ඉරානය සැලසුම් සකස් කර තිබූ බවයි ජනාධිපති ට‍්‍රම්ප් චෝදනා කළේ. ඒ හමුවේ කසීම් සුලෙයිමානි ඝාතනය කිරීමට අමෙරිකාවට සිදුවූ බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත්, ඉරානයේ තර්ජනයට ලක්වූ, අදාළ තානාපති කාර්යාල මොනවාද යන්න අමෙරිකානු ජනාධිපතිවරයා පැහැදිළිව ප‍්‍රකාශ කර නැහැ. ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්ලයාලයට එල්ල වූ ප‍්‍රහාරය ඉන් එක් සැලැස්මක් බවයි ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබුණේ.

මේ අතර අමෙරිකාවේ තානාපති කාර්යාල ඉරානයේ තර්ජනයට ලක්ව තිබුණේ නම්, එම තානාපති කාර්යාල මොනවාද යන්න හෙළිදරව් කළ යුතු බව අමෙරිකාවේ ප‍්‍රධාන විපක්ෂය වන ඩිමොක‍්‍රටික් පක්ෂය පවසනවා. එවැනි තර්ජනයක් තිබුණේ නම් ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කළ යුතු බව ද විපක්ෂය අවධාරණය කළා.
 


(under the courtesy of nethnews.lk news web)

Related posts

දවසකට යාලට ඇතුළුව ජීප් ගණන වැඩි කෙරෙයි

Malar FM

ඉන්ධන ඉල්ලා පාර වසා විරෝධතා….

Malar FM

පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපති උපදෙස් දෙයි

Malar FM