NewsSportsSports News

ශ‍්‍රී ලංකාවට එරෙහි 20 – 20 තරගාවලියේ ජය ඉන්දියාවට

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 03 කින් සමන්විත 20 යි 20 කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ, ඊයේ රාති‍්‍රයේ පැවැති 03 වන හා අවසන් 20 යි 20 තරගය ලකුණු 78 කින් ජය ගනිමින්. කාසියේ වාසිය හිමිකර ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ඇරයුම් කළා.

ඒ අනුව පළමුව පන්දුවට පරහදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 06 ක් දැවී රැුස්කළ ලකුණු සංඛ්‍යාව 201 ක්. කේ එල් රාහුල් ලකුණු 54 ක් සහ ශිකර් ධවාන් ලකුණු 52 ක් රැස්කළා.

පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් ලකුණු 35 කට කඩුළු 03 ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15 යි පන්දු 5 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 123 ක් පමණයි. ධනංජය ද සිල්වා ලකුණු 57 ක් රැස්කළා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 යි. ශ‍්‍රී ලංකා පිළේ සෙසු කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට හැකිවූයේ නැහැ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අමෙරිකාවේ ‘කරුණාවන්තම විනිසුරු’ ෆ්‍රෑන්ක් කැප්‍රියෝ දිවි ගමනට සමුදෙයි

Malar FM

හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..

Malar FM

වාහන පවරා නොගෙන භාවිතා කරන්නන්ට දඩ…

Malar FM