Local NewsNews

රු. 5000 දීමනාව පාසැල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන්ටත්

රජය විසින් ලබා දීමට පියවර ගෙන තිබෙන රු. 5000 සහන දීමනාව පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කිරීමේ කටයුතු වල නිරතව සිටින රියදුරන් සඳහාත් ලබා දීමට රජය විසින් තීරණය කර ඇත.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් නිසි ආදායම් නොමැතිව අසරණව සිටින පිරිස් සඳහා රජය විසින් ලබා දීමට පියවර ගෙන තිබෙන රු. 5000 සහන දීමනාව ත්‍රී රෝද රථ රියදුරන්ට හා පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කිරීමේ කටයුතු වල නිරතව සිටින රියදුරන් සඳහාත් ලබා දීමට රජය විසින් තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට මෙම අංශ දෙකම නියාමණය හෝ කළමනාකරණය මධ්‍යම රජයේ අමාත්‍යාංශයකට පවරා නොමැති අතර ත්‍රීරෝද රියදුරන් හා පාසැල් සිසු ප්‍රවාහණ සේවා කටයුතුවල නිරතව සිටින පුද්ගලයින් නියාමණය කිරීම පළාත් සභා විෂය පථය යටතේ ගැනෙන්නක් වේ.

නමුත් ත්‍රී රෝද රියදුරන්ගේ ඇතැම් සංගම් මෙන්ම පාසැල් සිසුදරුවන් ප්‍රවාහන කටයුතුවල නිරතව සිටින රියදුරන් විසින් එම දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බ වඅමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව මින් පෙර ප්‍රකාශ කළ පරිදි පුද්ගලික බස් රථ හා කොන්දොස්තරවරුන්ට එමරු. 5000 දීමනාව ලබා දීමට තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ මෙම ත්‍රීරෝද රථ රියදුරන් හා පාසැල් සිසුන් ප්‍රවාහනය කරන රියදුරන්ගේ ගැටළුවත් ඉදිරිපත් කළ අතර එහිදීමෙකී පාර්ශ්ව දෙක සඳහා ද අදාල රු. 5000 දීමනාව ලබා දීමට රජය එකගතාවය පළ කළ බව අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව ඔවුන්ට ද මෙම රු. 5000 දීමනාව ලබා දීමට රජය විසින් පියවර ගන්නා බව අමාත්‍යවරයා දැනුම් දෙයි.   


(under the courtesy of adaderana.lk news web)

Related posts

එන්නත්කරණය ඇරඹුණත් සෞඛ්‍ය පුරුදු අත් නොහරින්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Malar FM

අවට සල්ලි තියෙන අයගෙන් ආධාර එකතු කරලා සියළු පාසල් නඩත්තු කරනවා…

Malar FM

ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට..? අසභ්‍ය හඬපට මතක නෑලු..

Malar FM