NewsSportsSports News

ICCයෙන් ඉන්දියාවට සහන කාලයක්

ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළ බදු නිදහස් කරගැනීම සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මගින් ඉන්දියාවට සහන කාලයක් ලබාදී තිබෙනවා.

ඒ, ඊයේ (10) පැවැති එම කවුන්සිලයේ රැස්වීමකදීයි. ඒ අනුව අදාළ බදු නිදහස් කරගැනීම සඳහා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයට, එම කවුන්සිලය විසින් ලබන දෙසැම්බර් මාසය තෙක් කාලය සහන කාලයක් ලෙස ලබාදී තිබෙනවා.

බදු සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් ලබන වසරේ පැවැත්වෙන 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වයෙන් ඉන්දියාව ඉවත් කරන බවට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මීට පෙර අනතුරු අගවා තිබුණා. ඒ, ඉන්දීය රජය සමග අදාළ බදු ගැටලූ විසඳා ගැනීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය අපොහොසත් වීම හේතුවෙන්. ඒ සම්බන්ධයෙන් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය අතර මත ගැටුමක් ද නිර්මාණය වුණා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

පාර්ලිමේන්තුවේ වත්මන් සංයුතිය පිළිබඳව බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් විවේචනාත්මක අදහස්

Malar FM

පරීක්‍ෂණ නොකර පිටකල බහාළුම් 373 නීති විරෝධි දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම බාර ගන්නවා..- නි. ඇමති

Malar FM

ඉදිරි දින කිහිපයේ ශ‍්‍රී ලංකාව තුල කොරෝනා දෙවැනි නැගිටීමක්.. සියළුම ප‍්‍රක්‍ෂෙපන අනතුරු අගමයි.. දැඩි පාලනයකට යන්නැයි දන්වති..

Malar FM