NewsPolitical

‘මං කල වැඩේ රනිල් දන්නවා..’ රනිල් කට වහං ඉන්න හේතුව රවි කියයි..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවර හිමි වූ ජාතික ලයිස්ති මන්ත්‍රී ධුරයකින් තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ මුලින් ඇති කරගත් එකඟතාවය අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.

ඒ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැන සිටි බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය.

ගිවිසුම සම්බන්ධයෙන් දන්නා නිසා රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව කතා නොකරන බවත් පවසන ඔහු දිගටම තමා පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත‍්‍රී ධුරයකට පත්වීම සුළු පිරිසක් අකමැති වුවද් 99%ක් කැමති බවද හෙතෙම කියා සිටියි.

තලතා අතුකෝරල මහත්මියට මෙම මන්ත්‍රී ධුරය ලබා දීමට ඇතැමුන් කථා කළත් ඇය පක්ෂය මාරු කළ තැනැත්තියක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

Clean Sri Lanka අද සිට රට පුරා.. ශ‍්‍රමදාන සැලසුම මෙන්න…

Malar FM

විස්සේ විවාදය අද දෙවන දිනටත් – ඡන්දය රාත‍්‍රියේ

Malar FM

ශ්‍රීලනිපය මහින්ද සමඟ අවබෝධතා ගිවිසුමකට

Malar FM