NewsPolitical

බෝගොල්ලාගම එජාප අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වේ.. එජාපයත් අතහරී..

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකත්වයෙන් හා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඔහු තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර අදාළ ලිපියේ පිටපතක් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වෙත ද යොමු කර ඇත.

ඔහු එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ දේශපාලන සීමා ඉක්මවා ගොස් ජාතියට සේවය කිරීමේ කාලය එළඹ ඇති බවයි.

කොරොනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාව අභියෝග ගණනාවකට මුහුණ දෙන බවත් ඒ සඳහා විසඳුම් සෙවීමට බලයේ සිටින ඕනෑම ආණ්ඩුවක් සමග එක්ව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කරයි

Malar FM

පළාත් 3කට හා දිස්ත්‍රික්ක 7 කට උණුසුම වැඩි වෙයි

Malar FM

යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයි

Malar FM