International NewsNews

අමෙරිකාව තීරණාත්මක සති දෙකක් අභියස

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ඉදිරි සති දෙක අමෙරිකාවට අතිශ්‍ය තීරණාත්මක වනු ඇතැයි වෛද්‍ය විශේෂඥයින් පවසනවා. එරට බෝවන රෝග පිළිබ`ද ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසා ඇත්තේ ඉදිරි සති දෙක හා ඉන් ඔබ්බට රටතුළ කොරෝනා රෝගීන් බහුලව වාර්තා වීමේ අවධානමක් පවතින බවයි. 

මේ වසරේ නොවැම්බර් 26 දිනය නම් කර තිබුණේ අස්වැන්න ලබා දීම සහ ආශිර්වාදය වෙනුවෙන් ඇමෙරිකානුවන් සිය ස්තූතිය හා පරිත්‍යාගය පළ කිරීමේ දිනයක් ලෙසයි. එය රජයේ නිවාඩු දිනයක් ලෙසයි. සාමාන්‍යයෙන් මෙම දිනය සමග එළෙඹෙන සතිය අමෙරිකාවේ අතිශය කාර්ය බහුල සතියක්. ඉකුත් වසරේ මිලියන 26ක ජනතාවක් නිවාඩුව වෙනුවෙන් සංචාරය කර තිබුණා.

කෙසේවෙතත් මෙවර මිලියන ගණනක ජනතාවක් යළි සිය නිවෙස් බලා පැමිණ ඇත්තේ මතුවෙමින් ඇති කොරෝනා දැඩි අවධානම හේතුවෙන්. ඉකුත් දින 27ක කාලය තුළ දෛනිකව අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් ලක්ෂය බැගින් වාර්තා වීමද විශේෂත්වයක්.

Related posts

ගාළු කොටුවේ විරෝධතා විසුරුවේ පිතිකරුවන්ට බාධා වන නිසා…- Army

Malar FM

විදුලි කප්පාදු වූවන්ට සහන රැසක්…

Malar FM

රටපුරා ඇදිරි නීතිය ලිහිල් කරයි.. රාජ්‍ය හා පෞද්ගලික සේවා අරඹයි..- ජනපති කියයි..

Malar FM