Local NewsNews

31-04 සංචරන ලිහිල නෑ… 07 දක්වාම ගෙදර..

25 වන දා සංචාරණ සීමා ලිහිල් කිරීමේ කළ කාලයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ බිඳහෙළමින් කටයුතු කිරීම නිසා 31 හා 04 වැනිදාට නියමිතව ඇති සංචාරණ සීමා ලිහිල් නොකිරීමට රජයේ අවධානය යොමු කර ඇතැයි වාර්තා වෙයි.

ජූනි 07 දක්වා නියම කර ඇති සංචරණ කාලසීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට 25, 31 සහ 04වැනි දා සංචාර සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර තිබුණේ කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසිනි.

නමුත් 25 වැනිදා ජනතාවගේ හැසිරීම හේතුවෙන් 07 දා දක්වා සංචරණ සීමා ලිහිල් නොකිරීමට රජය අවධානය දැඩිව යොමුව තිබේ.

ඒ හේතුවෙන් නිවෙස් වල සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථ මගින් ලබා දීමට ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් වැඩපිළිවෙළක් සකස් කිරීමට උපදෙස් ලබාදී තිබේ.

මෙම නව තීරණය නුදුරේදිම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

Related posts

පළාත් පාලන මැතිරවණය ගැන ජනපති කතා කරයි

Malar FM

තමාට එරෙහි විශ්වාසභංගයකට සම්බන්ධනුත් සුදානමින්

Malar FM

රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට ඇමතිවරුත් සම්බන්ධයි…

Malar FM