Local NewsNews

ගිනිගත් නැව මුළුමනින්ම මුහුදුබත් වේ.. දැවැන්ත පරිසර හානියක්.. ඉන්දීය වෛරසයත් ආ හැකියි.. මාළු කෑමත් විෂ වෙයි.. අම්ල වැසි..

කොළඹ වරාය ඉදිරියේ ගිනිගනිමින් තිබූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවි නෞකාව ඊයේ රාත්‍රියේ මුළුමනින්ම පාහේ ගිනි ගිනි ගැනීමට ලක් වී තිබේ.

නෞකාව මුළුමනින්ම විනාශ වීම මේ හේතුවෙන් ඒ අවට පරිසරයට විශාල පරිසර හානියක් සිදුවිය හැකි බව සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

එහි ප‍්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රවෘ ඉන්ධන ගසාගෙන විත් මුහුදු තීරයට එකතු වීමෙන් ජලජ ජීවීන්, කොරල් පර හා අවට විශාල වායු දූෂණයක් ඇතුළු බරපතළ හානි සිදු විය හැකි බවද ඔවුන් සඳහන් කරති.

එමෙන්ම මේ හේතුවෙන් ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් සිදු විය හැකි අතර එම ප්‍රදේශ වල මුහුද ආශ්‍රිතව ධීවර කටයුතු දැනටත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

නැව මුහුදුබත් වීමෙන් පසු වෙලට පාවී එන කිසිදු දෙයක් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස ද ජනතාවෙන් රජය ඉල්ලා සිටියි.

එම නෞකාවට ඉන්දියාවෙන්ද බහාලුම් එක්ක කර ඇති නිසා ඉන්දීය වයිරස් ප්‍රභේදය ද ඒ හරහා මෙරට එක් වීමේ අවදානමක් ඇතැයි ද අනතුරු අඟවා ඇත.

නෞකාවේ ඇති විෂ රසායන විශල වශයෙන් සාගරයට එක්වීම හේතුවෙන් ඉදිරි මෝසම් සමයේදී මෙරටට අම්ල වැසි ඇති වීමේ ඉහල අවදානමක්ද ඇති තිබේ.

නෞකාවේ විෂ රසායන හේතුවෙන් මෙම මුහුදු තීරයන්හිදී අල්ලා ගන්නා ලද මසුන් ආහාරයට ගැනීමද අනතුරුදායක වණු ඇතැයිද ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් අදහස් පළ කරති.

මේ අතර එම නෞකාවෙන් ගොඩ ගසාගෙන ආ භාණ්ඩ අත්පත් කර ගත් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා යටතේය.

Related posts

බහුතරය නැති සභාවල සභාපතිලා තෝරන්නේ ඡන්දයෙන්

Malar FM

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපති

Malar FM

මා ජනාධිපති වීම වැලැක්වීමට ලොකු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- අනුර

Malar FM