Local NewsNews

කොළඹ සියළු වෙසලසැල් වහන්නැයි රෝසි වෙලදුන්ට කියයි..

කොළඹ නගරයේ කඩසාප්පු ටික දිනකට වසා දමන ලෙස නගරයේ සියලුම ව්‍යාපාරික ප්‍රජාවගෙන් තමන් ඉල්ලා සිටින බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඖෂධ වෙලසැල්, ආහාර අලෙවි සැල් හැර සෙසු සියලු වෙළඳසැල් ටික දිනකට වසා දමන්නට ද ඇය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියි.

එසේ කළහොත් කොළඹ නගරයට පැමිණෙන ජනතාව හා සේවකයන් විශාල වශයෙන් අඩු වන බව ද ඒ ඔස්සේ බොහෝ පුද්ගලයන්ගේ ආරක්ෂා තහවුරු වන බවද ඇය පෙන්වා දේ.

කොරෝනා පැතිරෙන විවිධ ප්‍රදේශවල වෙළඳුන් තම පාඩුව නොසලකමින් වෙළඳ සැල් වසා දමා කොරෝනා මර්දනයට ස්වෙච්ඡාවෙන් දායකත්වය දී ඇති බව බවත් එය තමන් මහත් සේ අගය කරන බවත් ඇය කියා සිටියාය.

බස්නාහිර පළාතේ විවිධ කොරෝනා ප්‍රභේද පැතිරීම ඉහළ ගොස් ඇති නිසා කොළඹ නගරයට පැමිණීම මෙන්ම අනවශ්‍ය ගමන් ද සීමා කරන ලෙසද නගරාධිපතිනිය තව දුරටත් ඉල්ලා සිටියි.

Related posts

එජාපය හෙට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ අසුන්වලට බලෙන් පනී?රනිල් අගමැති පුටුවට?

Malar FM

දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. ලයිස්තුව මෙන්න…

Malar FM

කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක්…? බිලියන ගණනක ජනගහන අඩු කිරිම ඉලක්කය..?

Malar FM