BusinessBusiness NewsNews

හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….

කිලෝ ග්‍රෑම් 12.5 ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000 අතර මිල ගණන් යටතේ කළු කඩ වෙළඳුන් අලෙවි කරමින් ඇත.

අන්තර්ජාල දැන්වීම් අඩවිවල ද 12.5 ගෑස් සිලින්ඩරයක මිල ගණන් දක්වා ඇත්තේ රුපියල් 15,000- 20,000 අතර මිල ගණන් වලටයි.

එමෙන්ම කිලෝ ග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 8000-12000 මිල ගණන්වලට අලෙවි කරමින් තිබේ.

ප්‍රධාන ගෑස් සමාගම් දෙකම තම සමාගම්වල ගෑස් සිලින්ඩර මාස කිහිපයක සිටම පාරිභෝගිකයන්ට අලෙවි නොකරයි.

ගෑස් හිගය ඇති වීමට පෙර සාමාන්‍ය ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් අලෙවි කරන ලද්දේ රුපියල් 4250කටයි.

නමුත් ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය මත සමාගම් විසින් නව ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන්ට විකිණිම අත්හිටුවා තිබේ.

Related posts

අවදානම ඉහලට.. ඇල්ල වැල්ලවාය පාර වසා දමයි..

Malar FM

දිනෙත් බිරිය නැත්නම් තෝර ගන්න දේ දැන්මම තීරණය කරලා

Malar FM

ඉන්ධන, ගෑස්, පොහොර, ගල් අඟුරු අර්බුදයන් සියල්ලට නුදුරේදීම විසඳුම් සූදානම්…- විමල් හෙලි කරයි…

Malar FM