Local NewsNews

විදේශිකයෙකු වෙලදසැලකින් සුවල විලවුන් සොරකම් කරයි..

හැටන් නගරයේ නිමි ඇදුම් වෙලදසැලකට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු එම වෙලදසැලෙන් රු දස දහසක මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව එම වෙලදසැලේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත පද්ධය අනුව තහවුරු වු බව එම වෙලදසැලේ හිමිකරු පැවසිය.

තෛපොංගල් දිනය නිමිත්තෙන් (13) දින තම වෙලදසැලට පාරිභෝගිකයන් විශාල පිරිසක් පැමිණ සිටි අවස්තාවක පැමිණි ඉන්දියානු ජාතිකයා සුවද විලවුන් බෝතලක් ඉල්ලා ඇති අතර , එම සුවද විලවුන් බෝතලය මිල දි ගැනිම සදහා ඉන්දියානු ජාතිකයා විසින් රු පන්දහසක මුදලක් වෙලදසැල් හිමියා වෙත ලබා දි ඉතිරි මුදල් ලබා ගැනිමෙන් අනතුරුව මිල දි ගත් සුවද විලවුන් බෝතලය ඉන්දියානු නිෂ්පාදනයක් නොවන බව පවසා යලිත් වෙලදසැල් හිමියාට එම සුවද විලවුන් බෝතලය ලබා දි ඉන්දියානු ජාතිකයා ලබාදුන් රු පන්දහස ආපසු වෙලදසැල් හිමියාගෙන් ලබාගෙන එම මුදල ඔහුගේ සාක්කුවේ දමාගෙන ඇත.

පසුව යලිත් සුවද විලවුන් බෝතලයක් ඉල්ලා එම සුවද විලවුන් බෝතලයද ප්‍රමිතියෙන් බාල එකක් බව පවසමින් එම සුවද විලවුන් බෝතලය වෙලදසැල් හිමියාට ලබා දි ආපසු රු පන්දහසක මුදලක් වෙලදසැල් හිමියාගෙන් ලබාගෙන වෙලදසැලින් පිටව ගොස් ඇත.

ඒ පිලිබදව සැක සිතු වෙලදසැල් හිමියා වෙලදසැලේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදි තම වෙලදසැලෙන් කිසිදු භාණ්ඩයක් ලබා නොගෙන ඉන්දියානු ජාතිකයා රු දස දහසක මුදලක් තමන්ගෙන් ලබාගෙන ගොස් ඇති බවට තහවුරු විය.

සැකකාර ඉන්දියානු ජාතිකයා (13) දින හැටන් නගරයේ තවත් වෙලදසැලක් රැසකට ගොස් ඇති බවට තහවුරු වි ඇති බවයි එම වෙලදසැල් හිමියා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා නායකයා ගැන ඔත්තුව දුන් පුද්ගලයාට මරණ දඬුවම

Malar FM

මං රැස්වීම් නවත්වන්නේ නෑ.. දිගටම තියනවා..- සජිත්

Malar FM

මැතිවරණය වර්ජනය කරනු.. තුණ්ඩු බෙදා හැරේ.. පසුපස මන්ත‍්‍රීවරයෙක්..

Malar FM