Local NewsNews

රතු ලයිට් මැද දුම්රිය පාරට දැමූ කාර් රථය කුඩු පට්ටම්.. දෙදෙනෙක් එතනම මරුට…

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රියේ දුම්රියක කාර්රථයක් ගැටීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියකට අරියලෙයි ප්‍රදේශයේ මාම්පල්ම් මංසන්ධියේ පිහිටි දුම්රිය හරස්මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.

අදාල දුම්රිය හරස් මාර්ගයේදී ගෙට්ටුවක් නොතිබුනද දුම්රිය ආලෝක සංඥා පුවරු සවිකොට ඇති අතර ආලෝක සංඥා ක්‍රියාත්මක වුනද එම සංඥා නොසලකා හරිමින් අදාල කාර් රථය රියදුරු විසින් අපරික්ෂාකාරීව ධාවනය කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව  ඇතැයි පොලීසිය සැක පලකර සිටීය.

කෙසේ වෙතත් අදාල කාර්රථය දුම්රිය හරස්මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සහ ගත් අවස්ථාවේදී ප්‍රදේශයේ විදුලිය විසන්ධිවීම හේතුවෙන් ආලෝක සංඥා නොදැල්වී තිබු බැවින් කාර්රථයේ රියදුරු දුම්රිය නොදැක සිටීම මෙම අනතුරට හේතුව බවට සැක පලකරන්නේ යැයිද ප්‍රදේශවාසීන් පවසා සිටියහ.

අනතුරින් මිය ගොස් ඇත්තේ බිංගිරිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විදුරංග ප්‍රනාන්දු නැමති සිංහල තරුණයෙකු වන අතර එම ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි මොහොමඩ් සජාම් නැමති මුස්ලිම් තරුණයෙකු බවට හඳුනාගනු ලැබීය.

දුම්රියේ කාර්රථය ගැටීමෙන් මීටර් 50 ක් පමණ ඇදී ගොස් කාර්රථය දුම්රියේ හිරවී තිබූ අතර ප්‍රදේශවාසීණ් පැමිණ කාර්රථය දුම්රිය මාර්ගයෙන් ඉවත් කොට එහි සිරවී සිටි තරුණයින් දෙදෙනා එලියට ගැනීමට පියවර ගත්තද ඒ වන විටත් දෙදෙනාම මිය ගොස් තිබුණි.

පසුව දුම්රියේ ධාවන කටයුතුද පැයක පමණ කාලයක් නැවතී තිබූ අතර පසුව දුම්රිය ගමනාගමන යථාතත්වයට පත්කරන ලද අතර යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ලෝකයේ ඉහලම මරණ අනුපාතය ලංකාවේ.. සෑම ගමක්ම කොරෝනා මලගමක්.. සති දෙකක් රට වැසිය යුතුයි…

Malar FM

අධ්‍යාපන මොඩියුලවල දෝෂ 150ක් පවතින බවත් රුපියල් කෝටි හයක මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවත් රෝහිණි විජේරත්න පවසයි

Malar FM

බැම්ම කැඩුනොත් හලාවතම යටවෙයි

Malar FM