International NewsNews

චීන හමුදාව අධිතාක්‍ෂණික උපකරණ ශ‍්‍රී ලංකාවේ ස්ථානගත කරමින්.. එය අපට තර්ජනයක්…- ඉන්දියා

ශ්‍රී ලංකාව තුළ චීනය විසින් අධි තාක්ෂණික උපකරණ යෙදවීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ යැයි තමිල්නාඩු අඩු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

චීන මහජන විමුක්ති හමුදාවේ පුහුණුව ලැබූ චීන ජාතිකයන් ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් රැඳී සිටීම පිළිබඳ තමිල්නාඩුවට බරපතළ ආරක්ෂක ගැටළු මතු කර ඇතැයිද වාර්තාවේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව තුළ චීන ජාතිකයන්ගේ ක්‍රියාකාරකම් ඉන්දීය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නිසා ඒ හේතුවෙන් වෙරළ තීරයේ දැඩි සෝදිසියෙන් සිටිය යුතු බවද සඳහන් කරමින් තමිල්නාඩු බුද්ධි අංශය ආරක්ෂක උපදේශනයක් නිකුත් කර ඇති බවද පුවත් වාර්තාව කියා සිටී.

ශ‍්‍රී ලංකාවේ උතුරු පළාත තුළ චීන ජාතිකයන් ස්ථානගත කිරීම සහ අධි තාක්ෂණික උපකරණ යෙදවීම ගැන නිරන්තර සෝදිසියෙන් සිටින ලෙසද තමිල්නාඩු වෙරළබඩ ප්‍රදේශවලට උපදේශන නිකුත් කර ඇත.

මුහුදු කූඩැල්ලන් වගාවට මුවාවී චීන මහජන විමුක්ති හමුදාව අති නවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවේ යොදවා ඇතැයි ද එම තමිල්නාඩු අනතුරු ඇඟවීමේ සඳහන් බව පුවත් වාර්තාව තව දුරටත් කියා සිටී.

Related posts

ස්විට්සරලන්තයෙන් පසු ජනපති උගන්ඩාවේ..

Malar FM

කැලණිතිස්සටත් වඩා ලොකු බලාගාරයක් ෂැංග‍්‍රිලා හෝටලයේ.. පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ජෙනරේටර් විදුලිය පද්ධතියට ගනී..

Malar FM

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් 4000කට නිමි ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් නුවරඑළියේදී

Malar FM