Local NewsNews

සතියට ලීටර හතරකින් ණය ගෙවිමටත් පවුල් නඩත්තු කිරිමටත් නොහැකියි..- ත‍්‍රීවීල් රියදුරන්

තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05 ප්‍රමාණවත් නොවන බවත් එම තත්වයන් මත තමන් මේ වන විට අසරණ තත්වයන්ට පත්ව ඇති බවත් ත්‍රිරෝධ රථ රියදුරන් පවසති.

තම පවුල් ජිවත් කරවනුයේ ත්‍රිරෝධ රථ ධාවනයෙන් වුවත් තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05කට සිමා කිරිමෙන් නිසි ලෙස කුලි ගමන් යාමට නොහැකි බවත් ඔවුහු කියා සිටිති.

මෙම තත්වයන් මත තම ත්‍රිරෝධ රථ ලබා ගැනිමට ගත් ණය ගෙවිමටත් තම පවුල් නඩත්තු කිරිමටත් නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් පවසති.

මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර තමන්ට අඩු තරමින් සතියකට පෙට්‍රල් ලිටර් 10ක් හෝ ලබා දිමට පියවර ගන්නා ලෙස අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

ගොඩබාන්න ඩොලර් නෑ.. ඉන්ධන නැවු දෙකක් වරායේ.. ප‍්‍රමාද ගාස්තුත් ඉහලට…

Malar FM

මනාප ප‍්‍රතිඵල නිකුත් කිරීම ගැන පැහැදිළි කිරීමක්

Malar FM

තවුහීද් ජමාත් සාමාජිකයන් දෙදෙනෙකු තවදුරටත් රඳවා ගැනීමට අධිකරණයෙන් නියෝග

Malar FM