Local NewsNews

සතියට ලීටර හතරකින් ණය ගෙවිමටත් පවුල් නඩත්තු කිරිමටත් නොහැකියි..- ත‍්‍රීවීල් රියදුරන්

තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05 ප්‍රමාණවත් නොවන බවත් එම තත්වයන් මත තමන් මේ වන විට අසරණ තත්වයන්ට පත්ව ඇති බවත් ත්‍රිරෝධ රථ රියදුරන් පවසති.

තම පවුල් ජිවත් කරවනුයේ ත්‍රිරෝධ රථ ධාවනයෙන් වුවත් තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05කට සිමා කිරිමෙන් නිසි ලෙස කුලි ගමන් යාමට නොහැකි බවත් ඔවුහු කියා සිටිති.

මෙම තත්වයන් මත තම ත්‍රිරෝධ රථ ලබා ගැනිමට ගත් ණය ගෙවිමටත් තම පවුල් නඩත්තු කිරිමටත් නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් පවසති.

මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර තමන්ට අඩු තරමින් සතියකට පෙට්‍රල් ලිටර් 10ක් හෝ ලබා දිමට පියවර ගන්නා ලෙස අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

එමිරේටයෙන් ලංකාවට ලාබෙට තෙල්…

Malar FM

කාන්තාවන්ට තනිව සංචාරයට ලොව සුදුසුම රට ලංකාවයි..- Timeout

Malar FM

ඩොලර් නෑ.. අද අප ඉන්නේ ගමනක කෙලවරයි.. කැමති වුනත් නැතත් ආනයන සීමා කරන්නම වෙනවා…

Malar FM