Local NewsNews

ආනයනික සහල් කිලෝවකට 45%ක බද්දක්…

ඉන්දියාවෙන් සහල් ආනයනය කරන්නේ කිලෝව රුපියල් 150ට අඩුවෙන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

එම සහල් කිලෝවක් සඳහා ආණ්ඩුව රුලියල් 65ක බද්දක් පනවා උපරිම මිල 230ක් බවට පත් කොට ඇති බවත් හෙතෙම පැවසීය.

පසුගිය ආණ්ඩු ද හිඟයක් ඇති වූ විට සහල් ආනයනය කොට රුපියලක දෙකක නැත්නම් උපරිම දහයක බද්දක් යටතේ සහන මිලට ජනතාවට සහල් දුන් බව ද මන්ත‍්‍රිවරයා පෙන්වා දෙයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක බද්දක් නැත්නම් 45%ක බද්දක් ගැසූවේ ජාතික ජන බලවේග ආණ්ඩුව බවට ද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

Related posts

කොරෝනා වැලදුනු තවත් ලාංකිකයෙකු මිය යයි.. USA

Malar FM

ලංකාවට ඇස්ටසෙනිකා එන්නත් මිලියනයක් ප‍්‍රංශයෙන් එවයි..

Malar FM

ඕනම කෙනෙකුට විදුලිය නිපදවලා ජාතික විදුලිිබල පද්දතියට එකතු කරන්න පුලුවන්

Malar FM