NewsPolitical

මාස තුනකින් රට ස්ථාවර කලා..- නලින්ද

නව රජයට මාස තුනක් ඇතුළත රට ස්ථාවර කිරීමට රජයට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර රට ස්ථාවර කිරීමට පැහැදිලි තීරණ ගැනීමට ජනාධිපතිතුමාට හැකි වූ බවත් ඔහු සදහන් කලේය.

මේ වන විට නව ආයෝජන ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති අතර, නවතා දමා තිබූ විදේශ අරමුදල් ව්‍යාපෘති කිහිපයක් යළි ආරම්භ වී ඇති බවත් ඔහු පැවසුවේය.

දේශීය හා ජාත්‍යන්තර ව්‍යවසායකයින් සහ ආයෝජකයින් තුළ රට කෙරෙහි විශ්වාසයක් ගොඩනැගී ඇති බව පැවසූ අමාත්‍යවරයා කොටස් වෙළෙඳපොළ ද පසුගිය කාලයේ දැඩි වර්ධනයක් පෙන්නුම් කළ බවත් පැවසීය.

කළුතරදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

2/3 දුන්නා.. 19 දුන්නා.. 20 දුන්නා.. මිනිස්සුන්ගෙන් අපිත් බැණුම් අහනවා.. ආයෙනම් 2/3 හිතන්නවත් එපා..- ගැටඹේ හිමියන් ජී.එල්.ගේ මූණටම කියති..

Malar FM

ඌවේ මහ ඇමති විදුහල්පතිනිය දණ ගස්වයි

Malar FM

බොරු ප්‍රකාශ කලේ යයි වසන්ත සමරසිංහට එරෙහිව නඩු…

Malar FM