Local NewsNews

මහින්දගේ විජේරාම නිල නිවසේ කොටසක වතුර කපයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාසය කරන විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර ඇත.

ඒ එහි ලක්ෂ තුනක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙනි.

මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නැත.

මෙම නිල නිවසේ ජල සැපයුමට අදාළ බිල්පත් ගෙවීම් සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි.

කෙසේ වෙතත් ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ මෙම විසන්ධි කිරීම කර ඇත්තේ හිටපු ජනාධිපති නිල නිවසේ නොවන බවත් ඔහුගේ ආරක්‍ෂකයන් රැදී සිටි අසල පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයට අයත් ගොඩනැගිල්ලක බවය.

Related posts

බිමල්ට තව ලොකු තනතුරක්…

Malar FM

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු රාජ්‍යය බිඳවැට්ටවීමේ කුමන්ත්‍රණයක් බව උදය ගම්මන්පිල පවසයි

Malar FM

තබ්බෝව ජලාශයේ වාන්දොරටු 8ක් විවෘත කෙරේ: මී ඔයට තත්පරයට ඝන අඩි 2,640ක ජල ධාරිතාවක් මුදාහැරේ

Malar FM