Local NewsNews

ඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් තව ලක්‍ෂ දෙකක් වැඩි කරයි…

2025.02.19 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ අළුත්කඩේ අංක 05 ගරු මහේස්ත්‍රාත් අධිකරණය තුලදී සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විර්මශන ආරම්භ කර ඇත.

මෙම වෙඩි තැබීම සිදු කරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් ප්‍රධාන සැකකාර කාන්තාව වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති වයස අවුරුදු 25 ක් වන තැනැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක –
අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය 071-8591727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය 071-8591735

එමෙන්ම තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇත.

Related posts

මුතුරාජවෙල සුරැකීමට විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවන්නැයි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

Malar FM

දෙමඩගොඩ අක්කර තුනහමාරක් වසර 99කට ආයෝජකයන්ට බදු දෙයි.. කැබිනෙට්ටුවේ අනුමතයි..

Malar FM

අනුර කැනඩා යන්න පෙර තානාපති ජවිපෙ මූලස්ථානයට එයි..

Malar FM