NewsPolitical

මාලිමාවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය ජාතික ප‍්‍රතිපත්ති රාමුව බවට පත් කරයි.. කැබිනට් අනුමැතිය..

ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් මඟින් වසර 2030 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 120ක මුර්ත දළ දේශීය නිෂ්පාදනයක ඉලක්කයක් සහිතව තිරසර ආර්ථීක වෘද්ධියක් සහ සංවර්ධනයක් අරමුණු කර ගනිමින්, ” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබේ.

එය ආර්ථික, සමාජීය, පාරිසරික භා දේශපාලනික ඇතුළු සියලු අංශ නියෝජනය වන පරිදි පහත සඳහන් ප්‍රධාන ක්ෂේත්‍ර 04 ක් යටතේ ගොනු කොට ඇත:

* පරිසමාප්ත ජීවිතයක් – සුව පහසු රටක්
* ගෞරවනීය ජීවිතයක් – සුරක්ෂිත රටක්
* නවීන ජීවිතයක් – පොහොසත් රටක්
* අභිමානවත් ජීවිතයක් – නොසැලෙන රටක්

එම ප්‍රධාන ක්ෂේත්‍ර 04 යටතේ උප ක්ෂේත්‍ර 40 ක් හඳුනාගෙන ඇති අතර, එම ක්ෂේත්‍රයන්ට අදාළ ප්‍රතිපත්ති මූලධර්ම සහ ගත යුතු ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, ‘ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව ලෙස පිළිගැනීමටත්, සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් ඔවුන්ගේ කාර්යයන් ඒ අනුව සැලසුම් කර ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

ධනුෂ්කගේ ප‍්‍රශ්ණයට මා සම්බන්ධ කිරීමෙන් ජාතියේ ප‍්‍රතිරූපය තවත් කෙලෙසෙනවා..

Malar FM

අපේක්ෂකයන්ට නොමිලේ තැපැල් පහසුකම්…

Malar FM

මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

Malar FM