NewsPolitical

මාව පරද්දලා රට දුන්නේ මෛත්‍රීට මිසක් රනිල්ට නෙමෙයි

ජනතාව තමා පරාජය කරමින් රටේ වගකීම වත්මන් ජනාධිපතිවරයාට පැවරුවද සැබෑ ලෙසම රට පාලනය කරනුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
 
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර නියෝජිතයින් මුණගැසෙමිනි.
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(18) රාත්‍රියේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් හමු විය.
 
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් චන්ද්‍රෙස්න මහතාගේ නිවසේදීයි.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා සිටම සෑදු බවත්, වෙනත් විකල්පයක් නොමැතිකමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා අතීතයේ බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ සිටීමට නොහැකි බැවින් පක්ෂය හැර ගිය බවද පැවසීය.
 
කෙසේ වෙතත් තමා පරාජය කිරීමට ජනතාව ඡන්දය ලබා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට වුවත් අද වන විට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය රට පාලනය කරන බවට ජනාධිපතිවරයාම චෝදනා කරන බව ද කියා සිටියේය.
 
ඒ තුළින් අද වන විට ආර්ථිකය කඩා වැටී, ණය බර වැඩි වී ඇති බවත් රට ගොඩනැගිය නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලෝකයම එපා කියන ලංවිමට නැතිවම බැරි ගල් අගුරු බලාගාර – ඇත්ත කතාව මෙන්න

Malar FM

ගිනිකොණ සහ දකුණු මුහුදු ප්‍රදේශවල තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

Malar FM

මොරගහකන්ද ජලාශය උපරිම මට්ටමට පැමිණීමත් සමග අඩියෙන් අඩිය යටවන අවසන් නගරය මෙන්න (VIDEO)

Malar FM