Local NewsNews

අදත් දුම්රියක් කොට උඩ

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රිය පීලිපැනීමකට ලක්ව තිබේ.

අද(22) අළුයම 03.00ට පමණ මොරගොල්ලවැව සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතරදී මෙම පීලිපැනීම සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.

දුම්රියේ මැදිරි තුනක් පිලිපැනීමට ලක්ව ඇති අතර මගීන්ට කිසිදු අනතුරක් සිදු නොමැති බව සඳහන්ය.

දුම්රිය පීලිපැනිම හේතුවෙන් මඩකලපුව දක්වා ධාවන වන දුම්රියන් මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව  දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

මේ අතර පෙරේදා රාත්‍රියේ ද කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වූ මිනගයා දුම්රියට පළුගස්වැව ප්‍රදේශයේදී වන අලියෙකු ගැටීමෙන් දුම්රිය පිලිපැනීමට ලක් වුණි.

Related posts

වසරේ මන්ත‍්‍රීවරිය සුදර්ශිනී…

Malar FM

ලංකවට ගංජා කර්මාන්තයේ ප‍්‍රමුඛයා විය හැකියි…- ඩයනා

Malar FM

රූපවාහිනී හාන්සියි.. පඩි ගෙවන්න සල්ලි නෑ.. භාණ්ඩාගරයෙන් ඉල්ලයි…

Malar FM