NewsPolitical

සජිත් ගැන කතානායකගෙන් නිවේදනයක්..

කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගනු ලැබූ තීරණය පරිදි විපක්ෂනායක ධුරය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂය එහි මහලේකම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කිරියවසම් මහතා මගින් ගරු කථානායකතුමන් වෙත යොමු කරන ලද 2019.12.05 දිනැති ලිපියේ සඳහන් නිර්දේශය ගරු කථානායකතුමා විසින් පිළිගෙන ඇත.

ඒ අනුව, එළැඹෙන 2020 ජනවාරි 03 වන දින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කර ගරු ජනාධිපතිතුමන්ගේ රාජාසන කථාව ඉදිරිපත් කිරීමෙන් පසුව එදින පස්වරු 01.00 ට නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී විපක්ෂනායක ධුරය පිළිබඳ නිල නිවේදනය ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

(රාජාසන කථාවෙන් පසුව 2020.01.03 දින පස්වරු 01.00 ට යළි පාර්ලිමේන්තුව රැස්වීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු කථානායකතුමා, ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යන අය අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාවය පළවිය.)

එදින ගරු කථානායකතුමන් විසින් විපක්ෂනායක ධුරයට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීම පිළිබඳ නිවේදනය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එම ධුරය නීත්‍යානුකූලව බලාත්මක වනු ඇත.

– කථානායක මාධ්‍ය අංශය
(under the courtesy of lankacnews.com news web)

Related posts

‘මා මිත‍්‍ර අනුර සමග අනුරාධපුරයේ..’ අනුර මෝදිගේ වාහනයේ..

Malar FM

තේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයි

Malar FM

සරසවි සිසුන් 31කට පන්ති තහනම් කරයි…

Malar FM