NewsPolitical

ගෝටාභයගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යුතුයි..- ජවිපෙ සටන් අරඹයි..

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වී පිහිටවූ නව රජය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනක් ඉතා කෙටි කාලයකින් ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන ඉතා ඉක්මනින් නතර කර ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට තහවුරු කර දිය යුතුය ඇති බව එම පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සඳහා තම පක්ෂයේ මැදිහත් වන බවද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.

නව රජය පත්වී දින කිහිපයක් ඇතුලත ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් ඇති බවත්, හමුදාවට පොලිස් බලතල ලබාදී ඇති බවත්, විකල්ප මාධ්‍ය ධාරාවන්ට තර්ජනය කරමින් සිටින බවත් ඔහු එහිදී සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්…

Malar FM

මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..

Malar FM

Corona : ඇමරිකාව භයානක වෙයි.. එක් දිනකදී මරණ 1000 පනී.. රෝගීන් ලක්‍ෂ දෙක පනී..

Malar FM