International NewsNews

කොරෝනා බියෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවත් වැසෙන ලකුණු

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභිකයින්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ, කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය බි‍්‍රතාන්‍ය තුළද සීග‍්‍රයෙන් පැතිරයාමේ අවධානමක් මතුව ඇති පසුබිමක් තුළයි. ඒ අනුව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තාවකාලිකව වසා දමා නියමිත සභාවාර සහ විවාද ස්කයිප් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටයි මේවනවිට අවධානය යොමුව ඇත්තේ.

නව කොරෝනා වෛරසය වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ආසාදනයවීමේ වැඩි ප‍්‍රවණතාවක් මේවනවිට පවතිනවා. එබැවින් පාර්ලිමේන්තුවේ සිටින වයස අවුරුදු 60 ට වැඩි සභිකයින් සිය පදිංචි ස්ථානවල සිට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව දක්වා පැමිණීමේදී ඔවුන් වෛරසයට ගොදුරුවීමේ අවදානමක් පවතින බවයි බි‍්‍රතාන්‍ය බලධාරීන් පවසන්නේ.

ඒ ඔස්සේ පාර්ලිමේන්තුවේ සිටින අනෙකුත් සභිකයින්ට ද වෛරසය ආසාදනය වීමේ අවදානමක් පවතින බැවින් එය වළක්වා ගැනීම සම්බන්ධයෙන් බලධාරීන් ප‍්‍රමුඛ අවධානයක් යොමුකර ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන්.

රට තුළ සීග‍්‍රයෙන් පැතිරයමින් ඇති නව කොරෝනා වෛසරය හේතුවෙන් ඉරාන පාර්ලිමේන්තුවත් මේවනවිට වසා දමා තිබෙනවා. එරට පාර්ලිමේන්තු සභිකයින් කිහිපදෙනෙකුම මේවනවිටත් සිටින්නේ කොරෝනා ආසාදිත ලැයිස්තුවේයි.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපතිට සහාය පළ කරන සම්මන්ත්‍රණයක් පොහොට්ටු මන්ත්‍රීන් රැසක් ප්‍රතික්ෂේප කරලා..

Malar FM

පාසලේ මැරතන් තරඟයේදී සිසුවකු බසයට යටවී මරුට..

Malar FM

‘රණවිරු ඇපරල්’ ලේබලයෙන්ම මැසූ හමුදා නිල ඇදුම් දහසක් අත්අඩංගුවේ..

Malar FM