NewsPolitical

ගෝලීය ආහාර අර්බුදයට සූදානම් වන්න: අගමැති මහින්දගෙන් රටටම දැනුම් දීමක්

ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම තුළින් ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට වහාම පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

මහා පරිමාණ කෘෂිකර්ම වැඩපිළිවෙළ දියත් කිරීම සේම ගෙවතු වගාව පිළිබඳව අවධානය යොමු කරමින් සෑම බිම් අඟලක්ම වගා කිරීම අවශ්‍ය පහසුකම් සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගොවිජන සේවා කොමසාරිස්වරයාට සහ කෘෂිකර්ම නිලධාරීන් ඇතුලු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

මේ යටතේ ගෙවතු වගාව දිරිමත් කිරීම සඳහා ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් අවශ්‍ය පොහොර සහ බීජ වර්ග නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත් ඊට අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය කෘෂි නිලධාරීන් හරහා ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.

කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමු වෙමින් ප්‍රයෝජනවත් ලෙස ගත කරන්නැයි ද කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළට සහය දෙන්නැයිද අග්‍රමාත්‍යවරයා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

lanka lead news

Related posts

මුදල් අච්චු ගැසීම නවතයි.. පොලී අනුපාත ඉහල දමයි…

Malar FM

“ජයග්‍රහණය ගැන සමහර අයට සැකයක් තියෙන්න පුළුවන්” – පිරිස් ඉවත්වීම ගැන සජිත් පිලෙන් පැහැදිලි කිරීමක්

Malar FM

අලුත් මන්ත‍්‍රීලාගෙන් පාර්ලිමේන්තු භෝජනාගාරය පිරී යයි..

Malar FM