Local NewsNews

සේවා හැදුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍ර නොමැති සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවට

තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියළුම පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒඅනුව ඔවුන්ට එරෙහිව නිරෝධායන රෙගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරනබවයි එම මූලස්ථානය සදහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ බව සදහන් කර තිබේ.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැරදිකරුවන් වුවහොත්සිර දඩුවමකට සහ දඩයකට ද යටත් වනු ඇති.

මීටඅමතරව ඔවුන් අවශ්‍යතාවය මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත හෝ අධිකරණ වෛද්‍යනිලධාරීන් වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමටද නියමිතයි.

මේ අතර පොලිසිය භාරයට ගනු ලබන වාහන මෙම වසංගත තත්ත්වය පහව යන තෙක් අදාල පොලිස් ස්ථානවල රැදවා තැබීමට ද කටයුතු කරන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේවැඩිදුරටත් සඳහන් වේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වන රක්‍ෂිතවල ඇති ජනතාවගේ ඉඩම් ජනතාවටම ආපසු දෙනවා..

Malar FM

සුලෙයිමානි ඝාතනය ගැන ට‍්‍රම්ප් යළිත් හේතු කියයි

Malar FM

2026 ජනවාරි මාසයේ සංචාරක පැමිණීම් ඉහළ ගියත් ආදායම පහළට

Malar FM