Local NewsNews

මහ බැංකුව බැංකු අනුපාතිකය අඩු කරයි

අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු අනුපාතිකයන් අඩු කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (15) දිනයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි.

 ඒ අනුව බැංකු අනුපාතිකය සියයට 15 සිට සියයට 10 දක්වා වූ පදනම් අංක 500කින් අඩු කර තිබේ.

හදිසි අවස්ථාවකදී යොදා ගත හැකි පරිපාලනමය වශයෙන් තීන්දු කරනු ලබන අනුපාතිකයක් වන බැංකු අනුපාතිකය මෙලෙස අඩු කර ඇති බව ද අදාල නිවේදනයේ සදහන්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), 2019 මැයි මස 31 වන දින සිට සමස්තයක් ලෙස පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300 ක ආන්තිකයක් සහිත ව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) හා අනුකූල ව ස්වයංක්‍රීය ව ගැළපීම සඳහා ඉඩ හැරීමට තීරණය කරනය කර ඇත.

ඒ අනුව, 2020 අප්‍රේල් මස 16 වන දින සිට එනම් අද සිට ක්‍රියාත්මක වන පරිදි, හදිසි අවස්ථාවන්වලදී යොදා ගත හැකි පරිපාලනමය වශයෙන් තීරණය කරනු ලබන අනුපාතිකයක් වන බැංකු අනුපාතිකය, සියයට 15.00 සිට සියයට 10.00 ක් දක්වා පදනම් අංක 500කින් අඩු කර ඇත.

වාණිජ බැංකුවල තාවකාලික ද්‍රවශීලතා අරමුණු ඉටුකර ගනු වස් මහ බැංකුව අත්තිකාරම් ප්‍රදානය කිරීමේ දී ඒ සඳහා පැනවෙන පොලී අනුපාතිකය බැංකු අනුපාතිකය ලෙසින් හැඳින්වේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

වතු කම්කරුවන්ගේ EPF සහ ETF අරමුදල් සූරාකන තැරැව්කරුවන් පාලනයට පියවර

Malar FM

මත්පැන් බලපත් ඉල්ලු අය අතර SJB මන්ත‍්‍රීන් විශාල පිරිසක්…

Malar FM

ඩොලර් නෑ… පෙට‍්‍රල්-ඩීසල් ගෙන්වීම අර්බුදයේ.. කැබිනෙට්ටුව රත්වෙයි..

Malar FM