Local NewsNews

නාවික හමුදා 10කට.. යුද හමුදා 03කට කොරෝනා.. ඊයේ දිනයේ 40යි..

ඊයේ දිනය තුළ දී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් හතළිහක් වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 460 දක්වා ඉහල ගොස් ඇති බවද ඔහු පැවසීය.

ඊයේ දිනයේ හමුවු රෝගීන්ගෙන් දස දෙනෙකු නාවික හමුදා වැලිසර කඳවුරේ නිලධාරීන් බවත් තවත් දෙදෙනෙකු එම සෙබළුන්ගේ ඥාතීන් බවත් ඔහු සදහන් කලේය.

නාවික හමුදා නිලධාරිනියක් විවාහ කර ගෙන සිටින යුද හමුදා නිලධාරීවරයෙකු ඇතුලු යුද හමුදාවේ තිදෙනෙක්ද වෛරසය ආසාදනය වී ඊයේ දිනයේ හදුනාගත් බවද හමුදාපතිවරයා පැවසීය.

බණ්ඩාරනායක මාවතෙන් නිරෝධයට යැවූ 10දෙනෙක් පුත්තලම ප්‍රදේශයේ නිරෝධායනය කල තුන්දෙනෙක් විදේශයේ සිට මෑතකදී මෙරටට පැමිණ සිව් දෙනෙක් ද මෙම පිරිස අතර සිටින බව ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා.. රටටම තෙවැනි මග අරඹනවා..’- ආණ්ඩුවේ සෙසු පක්‍ෂත් සමග විමල් කියයි…

Malar FM

SJB-JVP අමු සොහොනක රජවෙන්න බලා ඉන්නවා.. 21 සංශෝධනයට සහාය දෙනවා..

Malar FM

කොරෝනා මල සිරුරු මෝචරියේ ගොඩ ගැසේ..

Malar FM