Local NewsNews

කොරෝනා ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේදී ලාංකිකයින් 25ක් මිය යති..

කොරෝනා වයිරසය. සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින තත්ත්වයක් තුළ එම ⁣වයිරසය ආසාදනය වීමෙන්, බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු මේවනවිට මිය ගොස් ඇතැයි එරට ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාලයක පටන් බ්‍රිතාන්‍යයේ වාසය කරන ලාංකික ප්‍රජාවට අයත් පිරිසක් යැයිද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග වලින් පැවසේ.

එම වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය ලාංකිකයින්ට ගෞරව දැක්වීමක් ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජාප සිරිසේන මහත්මිය පසුගිය දිනවලදී මිය ලාංකිකයින්ගේ පවුල් වල සාමාජිකයන් අමතමින් සිය කනගාටුව පළ කල බවදපපැවසේ.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ කෙරෝනා වයිරස ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතිද්දී එරට සිටින තවත් ලාංකිකයින් 900 දෙනෙකු නැවත ලංකාවට පැමිණීමේ බලාපොරොත්තු පසුවෙන බවද ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිට්.

මෙසේ ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන්නන් අතර, ආචාර්ය උපාධිය සදහා එරටට ගිය ශිෂ්‍යයන්, වැඩිදුර පුහුණුව සදහා එරටට ගොස් සිටින මෙරට වෛද්‍යවරු සහ එංගලන්තයේ සංචාරය සදහා ගිය ලාංකිකයින්ද සිටින බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සදහන් කර සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වී කිලෝව රුපියල් 250 පනී..

Malar FM

ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. බලාගාරවලට ඉන්ධන නෑ..

Malar FM

ඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන්ට අද ආරාධනා පත්‍රයක්

Malar FM