NewsPolitical

නව රජය පිහිටුවන්න සූදානම්..- මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තංගල්ල කාල්ටන් නිවසෙන් පිටත් වීමට පෙර එහි වැඩම කල මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර  අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළහ.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මහමැතිවරණ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයක් පිහිටුවීමට සූදානම් බව‍යි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ”  ඡන්දයේ වටිනාකම අවබෝධ කරගෙන සිටින ජනතාව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට උනන්දුයි. තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමේ  අවශ්‍යතාවයක් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී හැටනව ලක්ෂයක් ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ඉදිරියේ දී පිහිටුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය මගින් ක්‍රියාත්මක කරනවා. ආර්ථික අභියෝගයට මුහුණ දෙන්න අපි සූදානම්.අපි මීට වඩා අභියෝගවලට මුහුණ දීලා තියෙනවා. සෞඛ්‍යය උපදෙස් අනුගමනය කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව තුළ ඇති උනන්දුව අපි අගය කරනවා.”

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා,

ශිරන්ති රාජපක්ෂ මහත්මිය, නාමල් රාජපක්ෂ මහතා ඇතුළු  අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ අයද අග්‍රාමාත්‍යවරයා සමඟ ඩී. ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයට පැමිණ ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කළහ.

අනතුරුව අග්‍රමාත්‍යවරයාගේ දෙමව්පියන් වන ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ සහ දන්දිනා සමරසිංහ දිසානායක මැතිණියගේ ස්මාරකයට අග්‍රමාත්‍යවරයා පුෂ්පෝපහාර දැක්වීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මන්ත‍්‍රීන් රැසක් ආණ්ඩුවෙන් ඉවතට..? 113 සරල බහුතරය අවදානමේ…?

Malar FM

වගා වන්දි උපරිම වී වගාවට අක්කර 5කටයි.. අනෙක් බෝගවලට අක්කර දෙක හමාරටයි..

Malar FM

කෝප් සභාපති අප සමග එකට වැඩ කලා පමණයි.. කිසිම ගෙවීමක් කර නෑ..- ක‍්‍රිකට් ආයතනය

Malar FM