Local News News

අසනීප වූ ලාංකික සේවකයා මිලියන 15ක් වියදම් කොට පෞද්ගලික ගුවන් යානයකින් මව්රටට එවූ සෞදි හාම්පුතා (PHOTOS)

මොළයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් රෝගාතුර වී සිහිසුන්ව සිටි ඇන්ඩෘ රොහාන් නම් ශ්‍රී ලාංකිකයෙකු ඔහු සේවය කළ සෞදි අරාබියේ පෞද්ගලික සමාගමක් විසින් මෙරටට ආපසු එවීමට පියවර ගනු ලැබුවා. ඒ පෞද්ගලික ජෙට් යානාවක් මගින් වීම විශේෂත්වයක්.

කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අසනීප වන විට සෞදි අරාබියේ පිහිටි ගල්ෆ් වෙස්ට් නම් සමාගමේ සේවය කරමින් සිට ඇත. එහිදී හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත ඔහුව රෝහල් ගත කොට තිබු අතර රොහාන් ගේ පවුලේ ඥාතින් විසින් දිගින් දිගටම සිදුකළ ඉල්ලීම අනුව ඔහුව යළි ශ්‍රී ලංකාව බලා එවීමට අවශ්‍ය කටයුතු අදාළ සමාගම විසින් සිදුකොට තිබුණා.

ඒ අනුව ගල්ෆ් වෙස්ට් සමාගම විසින් රුපියල් මිලියන 15 ක පමණ වියදමක් දරමින් අසනිපවී සිටින ශ්‍රී ලාංකික සේවකයා යළි මව්රට බලා එවීමට අවශ්‍ය පියවර ගත්තේ පෞද්ගලික ජෙට් යානයක ආධාරයෙනි. එම ගමන සඳහා වෛද්‍යවරුන් සහ හෙදියන් කාණ්ඩායමක් ද ඇතුලත් වීම විශේෂත්වයක්.

ඒ අනුව ඇන්ඩෘ රොහාන් නම් මෙම ශ්‍රී ලාංකිකයා රැගත් පෞද්ගලික ජෙට් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇති අතර නිරෝධායනයට ලක් කිරීම සඳහා ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙනවා.

ඔහු මේ වන විටත් වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවන අතර නියමිත පරිදි ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පුර්ණ සුවය ලැබීමේ හැකියාව ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ඇන්ඩෘ රොහාන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට හැකිවීම පිළිබඳව ගල්ෆ් වෙස්ට් සමාගමේ හිමිකරු වන අයිඩ්‍රිස් මුස්තාපා සහ ඔහුගේ කණ්ඩායම වෙත ඇන්ඩෘ ගේ පවුලේ අය සිය කෘතඥතාවය පළ කරනු ලැබුවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීම මිනී මැරීමට උපදෙස් දීමක්..- පැමිණිලි ගොනු කෙරේ…

Shiran Viraj

කොරෝනා නිසා වසා දැමූ බේරුවල පන්නිල ජනතාව විරෝධතා..

Shiran Viraj

යතුරුපැදියෙන් පිම්මෙ ගිය තරුණයින් දෙදෙනාගේ මළසිරුරු ඇලකින් හමුවෙයි…

Shiran Viraj

Leave a Comment