NewsPolitical

ඉන්දියාවේ සහාය ලබාගෙන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බලපෑම් කරනවා – විග්නේෂ්වරන් කිළිනොච්චියේදී කියයි

රජය සහ දකුණේ දේශපාලන බලවේග කුමන තීරණයකට එළඹුණද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා උතුරු  නැගෙනහිර පළාත්වල අයිතිය වෙනුවෙන් තමන් ඉන්දියාවේද සහාය ලබාගෙන කළ හැකි සියලූම බලපෑම් කරන බව තමිල් මක්කල් දේශීය කුට්ටනි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී. වී. විග්නේෂ්වරන් මහතා 5 දා කිළිනොච්චියේදී පැවසීය.

කිළිනොච්චියේ පැවති උත්සවයක් අමතා කතා කළ මන්ත‍්‍රීවරයා තමන් දෙමළ භාෂාවේ හා දෙමළ ජනතාවගේ ඉතිහාසය පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කළේ එහි පළමු පියවර වශයෙන් බවද පැවසීය.

ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඉතිහාසය හා පුරාවෘත්තයන් පිළිබඳව ඉන්දියාව සතුවද සාධක විශාල සංඛ්‍යාවක් ඇති බැවින් සිංහල බෞද්ධ බලවේගයන් හා එවැනි රජයන් පමණක් මේ රටේ බිහි කිරීමට කිසිම අයිතියක් නොමැති නිසා තමන් මේ සටන ගෙන යන බවද විග්නේෂ්වරන් මන්ත‍්‍රීවරයා පැවසීය.

වරක් ඉන්දීය අග‍්‍රාමාත්‍ය මෝදි මහතා ශ‍්‍රී ලංකාවේ දෙමළ වැසියන්ටද අයිතියක් ඇති බැවින් දහතුන් වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් පමණක් මේ රටේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය විසඳිය නොහැකි බව පෙන්වා දුන් බව කියමින් මන්ත‍්‍රීවරයා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රකාශ ගණනාවක්ම කිළිනොච්චිය ජනහමුවේදී ඉදිරිපත් කළේය.

උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනයාට ඇති අයිතිය සුරක්ෂිත කර ගැනීමත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමත් යන කාරණාවලදී තමන් මේ අරගලය ගෙන යන විට රටේ සෙසු සියලූම දෙමළ දේශපාලන පක්ෂවල සහායද ලැබෙන බව කී ඔහු මේ සඳහා ඉන්දියාවේ දායකත්වය ලබා ගෙන දෙමළ දේශපාලන පක්ෂ අතර එවැනි එකඟතාවක් මේ ප‍්‍රශ්නය සඳහා ලබා ගන්නා බවද පැවසීය.

මේ රජයෙන්ද දෙමළ ජනතාවට බොහෝ දේ් නොලැබෙන විට සියලූ දෙමළ බලවේගවලට එකතුවීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවන බව විග්නේෂ්වරන් මන්ත‍්‍රීවරයාගේ අදහසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට දෙමළ මන්ත‍්‍රීවරුන් කීප දෙනකුම සහාය ලබා දෙන බවට බොරු ප‍්‍රචාරයක් මේ දිනවල දකුණේ දේශපාලනය තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන බව කී ඔහු සැබෑ දෙමළ දේශපාලනඥයන් එවැනි මෝඩ තීරණ නොගන්නා අතර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවද සඳහන් කළේය.

lanka lead news

Related posts

ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…

Malar FM

වෛද්‍යවරිය දුෂන සැකකරුට පොලිසියෙන් නැගිටගන්න බැරිවෙන්න පහර දීලා..

Malar FM

ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්

Malar FM