Local NewsNews

20 වන ව්‍යවස්ථා සංශෝධනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙනවා!-පා ම ගෙවිඳු කුමාරතුංග

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙන 20 වැනි ව්‍යවස්ථ සංශෝධන පනත් කෙටුම්පත නිවැරදි කරගත යුතු බව ශ්‍රී ලංකා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කර ඇති බව වාර්තාවේ. එසේ 20 වන ව්‍යවස්ථා සංශොධනයේ වැරදි නිවැරදි කර නොගෙන මාධ්‍යයට ගොස් අදහස් පලකිරීමට ඉතාම අසීරු බව ප්‍රකාශ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ගෙවිඳු කුමාරතුංග මහතා මෙසේ අදහස් දක්වා ඇත්තේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේ දී ය. වැඩිදුරටත් කරුණු දක්වමින් ගෙවිඳු කුමාරතුංග මහතා පවස ඇත්තේ
ඇමතිකම් තිහක උපරිමයක් සීමා කිරීමට තිබූ වගන්තිය ඉවත් කිරීම නොකළ යුතුව තිබූ දෙයක් බවයි.

ගෙවිඳු කුමාරතුංග මහතාගේ කරුණු දැක්වීම හමුවේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරියේදී අවස්ථාව සලසා දීමට කටයුතු කරන බවයි.

lanka lead news

Related posts

මහර පිපුරුම පිටුපස බන්ධනාගාර රෝහලේ ප‍්‍රධානියෙක්

Malar FM

ශ‍්‍රී ලංකා ජනාධිපති සමග සාකච්චාව ගැන රුසියාවෙන් නිවේදනයක්…

Malar FM

බන්ධනාගාර රැඳවියන් මනෝ පෙති ගහලා මත්වෙලා උන් උන්ම ගහගත්තා

Malar FM