International NewsNews

යුරෝපය තුල කොරෝනා ව්‍යාප්තිය ඉහලට : බ්‍රිතාන්‍යයේ මිලියන 09ක ජනතාවකට දැඩි නීති පැනවෙයි

යුරෝපය තුල යලිත් වරක් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් තම සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බවත් එය ඉතා භයංකර තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටිනවා.

ඉකුත් මාර්තු මාසයේදී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව සමග සැසදීමේදී වර්ථමානයේ සතිපතා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව යුරෝපයේ ඇතැම් රටවල් වල ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

අගෝස්තු මාසයට සාපේක්ෂව එංගලන්තයේ මේ වන විට දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සීයයට 167කින් ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ.

මේ අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් ප්‍රකාශ කර සිටියේ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැඩි වශයෙන් දක්නට ලැබෙන උතුරු සහ නැගෙනහිර බ්‍රිතාන්‍යයේ වෙසෙන මිලියන 9.2ක ජනතාවට අද මධ්‍යම රාත්‍රියේ සිට දැඩි නිරෝධායන රෙගුලාසි වලට යටත් වීමට සිදුවන බවයි.

ඒ අනුව සියළුම හෝටල්, ආපනශාලා, මත්පැන් අලෙවි ස්ථාන රාත්‍රී 10 වන විට වසා දැමිය යුතුය. නිවෙස් තුලට හෝ පරිශ්‍රයන් තුලට කිසිදු අමුත්තෙකුට හෝ පිටස්තර පුද්ගලයෙකුට ඇතුල්වීම තහනම් කොට ඇත.

මේ අතර බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාල පද්ධතිය යලි විවෘත කිරිමට සුදානම්ව තිබීම නිසා ඉදිරියේදී ඒ හරහා ද වෛරස් ව්‍යාප්තිය වීමේ අවධානමක් පවතින බවයි එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා සිටින්නේ.

මේ අතර පෘතුගාලයෙන් අප්‍රේල් 10 වෙනිදාට පසුව මුල් වරට අද දිනයේදී නව කොරෝනා රෝගීන් 770ක් වාර්තා වී ඇත.

පසුගිය සෙනසුරාදා ප්‍රංශයෙන් ආසාදිතයින් 10,000ක් සහ ඉරිදා දිනයේදී ඉතාලියෙන් රෝගීන් 1.210ක් වාර්තා වී ඇත.

පවතින තත්ත්වය මත ඉදිරි දින සති කිහිපය තුල යුරෝපයේ තුල කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ ඉහළ යාමක් සිදුවනු ඇති බවයි සෞඛ්‍ය බලධාරින් අනතුරු අඟවා සිටින්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රුසියානු ගුවන් යානාවක් කටුනායකින් පිටවීම තහනම් කරයි.. අධිකරණ නියෝගයක්…

Malar FM

ඩොලර් හිගය නිසා නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වුනා..

Malar FM

නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂ

Malar FM