Local NewsNews

පරිසර දිවුරුමට යුද හමුදාපතිත් අත්සන් තබයි

අප ජීවත් කරවන පරිසරය කෙරෙහි සංවේදීවීමට නැවත සිහිකැදවන නෙත් පරිසර දිවුරුමට යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද අත්සන් තැබුවා.

ඒ පිළිබද අදහස් දක්වමින් ඔහු කියාසිටියේ සියළු ශී‍්‍ර ලාංකිකයන් ඊට අත්සන් තැබීම ඔවුන් සතු වගකීමක් වන බවයි.

ලොව මේ වනවිට හදුනාගෙන තිබෙන ප‍්‍රමුඛතම තර්ජනය වන්නේ පරිසර ගැටළුයි. නව කොරෝනා හෝ ආර්ථක ගැටළු ද ඉක්මවා ලොවපුරා වැඩිම දෙනෙකුගේ අවධනයට ලක්ව තිබෙන ගැටළුව ලෙස ද පරිසර ගැටළු හඳුනාගෙන තිබෙනවා.

මේ නිසා අප සියළු දෙනා පරිසරය කෙරෙහි වඩා සංවේදී විය යුතු බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.

මේ අතර දේශපනඥයින්, කලාකරුවන් හා ක‍්‍රීඩකයන් ඇතුළු තවත් බෙහෝ දෙනෙකුද මේ වනවිට නෙත් පරිසර දිවුරුමට අත්සන් තබා තිබෙනවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නෙත් එෆ්. එම්. කුටියට පැමිණ හෝ බැලූම්ගල ෆේස්බුක් පිටුවට පිවිස ඔබට ද ඊට අත්සන් තැබිය හැකියි.

(ඒ පිළබද වැඩි විස්තර දැනැගැනීම සදහා 0727 372 372 බැලුම්ගල වෙත ඇමතුමක් ලබා දෙන්න.)

මේ අතර, අද (22) රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරෙන නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට සහභාගී වන්නේ ද යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වායි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

විමල්ට එරෙහිව පොහොට්ටු පසුපෙල මන්ත‍්‍රී සන්ධානයක් හැදේ.. ජනපති, අගමැති, බැසිල් හමුවී සාකච්චා කරන්න ලියති..

Malar FM

චමුදිත අපරාධ කොට්ඨාශයට කැදවයි.. ඔහුට විරුද්දව පැමිණිලි දෙකක් චන්දිමාල් හා පියුමිගෙන්…

Malar FM

IMF නොයා යුතුයි..- බැසිල්ගෙන් කැබිනට් මණ්ඩලයට විශේෂ වාර්තාවක්…

Malar FM