NewsPolitical

යහපාලන ආණ්ඩුව තමන් නොමරා මැරූ හැටි හිටපු ජනපති කියයි

යහපාලන ආණ්ඩුව සමයේ තමන් නොමරා මැරූ බව හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඒ, බණ්ඩාරනායක ගුණ සමරුවට අද එක්වෙමින්.

බණ්ඩාරනායක මහතාගේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය අනුව මමත් පුළුවන් විදිහට රට පාලනය කරන්න හිතාගෙන 2015 ජනවාරි මස 08 වෙනිදා මම රටේ ජනාධිපති වුනේ. නමුත් මගේ ආණ්ඩුවේ දක්ෂිනාංශක දේශපාලකයින් මාව වෙඩි තියලා මැරුවේ නැති උනත් ඔවුන් මාව නොමරා මරුවා. ඒ අවුරුදු 05 තුලදී සිදුකරන්න බලාපොරොත්තු වූ වෙනස්කම් සිදුකරන්න ඉඩ ලැබුනේ නැහැ. දැන් අවලාද නින්දා අපහාස සිදුකරනවා. ඒ සියල්ලම හොඳට හුරුයි. පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොඳ අනාගතයක් තිබෙනවා යැයි මෙහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී එම උත්සවය පැවැත්වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

Malar FM

බස් දුවන්න ඩීසල් නෑ…- ප‍්‍රවාහන ඇමති

Malar FM

මතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා..- ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ

Malar FM