Local NewsNews

මංතීරු නීතිය පරීක්ෂා කරන්න ගුවන් හමුදාවේත් සහය – කඩ කරන්නන්ට අද සිට නීතිමය පියවර

මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව අද සිට නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා.

පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ සදහන් කළේ මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම හෝ ස්ථානීය දඩ නියම කිරීමට අද සිට පියවර ගන්නා බවයි.

මංතීරු නීතිය කඩකරන පුද්ගලයින් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාවේ ද සහාය ලබාගෙන තිබෙනවා.

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පවතින රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මංතීරු නීතිය ක‍්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගත්තා. එය නිරීක්ෂණය කිරීම සදහා ආරක්ෂිත කැමරා සහිත පොලිස් ජංගම රථ ද යොදවා තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

තෙල් කෑම තෙල් නැතුව කන්නේ මෙහෙමයි

Malar FM

ප්‍රදේශ 04ක ඩ්‍රෝන මෙහෙයුම් : 95ක් අත්අඩංගුවට

Malar FM

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

Malar FM