Local NewsNews

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පිළිබඳ අන්තර්ජාලයේ අසත්‍ය තොරතුරු – ඇත්ත මෙන්න

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වෛද්‍ය අසේල ගුණවර්ධන පත් කර ඇත්තේ නිසි ක‍්‍රමවේදයට අනුව බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. මෙම පත්කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ඉකුත් සමයේ විවිධ අදහස් පලකිරීම හේතුවෙන් නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් සොයා බැලූවා.

ඒ අනුව පුරප්පාඩු වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අයදුම්පත් කැඳවන්නේ සැප්තැම්බර් 30 වනදායි. ඔක්තෝම්බර් 24වනදා ඊට අදාල සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ අතර 27 වනදා ජනාධිපතිවරයාගේ ද නිර්දේශ මත වෛද්‍ය අසේල ගුණවර්ධන අදාල තනතුරට පත් කෙරුණා. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා 09 දෙනෙකු අයදුම්පත් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා පංච පුද්ගල සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පත් කෙරෙන්නේ කැබිනට් මණ්ඩලයේ ද අනුමැතියෙන්. ඊට අයත් වූයේ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨයන් පිරිසක්. 

මෙම සම්මුඛ පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලැබී ඇත්තේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍ය අසේල ගුණවර්ධනටයි. දෙවන වැඩිම ලකුණු කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමා වික‍්‍රමසිංහට සහ තෙවන වැඩිම ලකුණු මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායකට ද හිමිව තිබුණා.

සම්මුඛ පරීක්ෂණයේදී අදාල අයදුම්කරුවන්ගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන සේවය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීම, පශ්චාත් උපාධිය, සේවය කළ ආයතනවල සිදුකළ ව්‍යාපෘති, සිදුකළ පරීක්ෂණ ස`දහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබීම, ජාතික හා ජාත්‍යන්තර සම්මාන ලැබීම යන කරුණු සලකා බලා තිබෙනවා. 

සම්මුඛ පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලැබූ තිදෙනාගේ නම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩම ලකුණු ලැබූ, වෛද්‍ය අසේල ගුණවර්ධන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට තීරණය කෙරුණා. 

වෛද්‍ය අසේල ගුණවර්ධන, 2003 වසරේ සිට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන සේවයේ කටයුතු කරන අයෙක්. 

nethnews

Related posts

ස්ටාලින් නිදහස් කරන්නැයි විරෝධතා…

Malar FM

සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..

Malar FM

වෙසක් පෝදා ඤනසාර හිමි නිදහස් කරන්නැයි ලොකු තැනකින් කියයි..

Malar FM