Local NewsNews

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135 ක් අධි අවදානම්

පෙරේදා (01 දා) වනවිට දිවයිනේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135ක් කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර යෑමේ අධි අවදානමක් සහිත ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන තිබූ බව වසංගත රෝග විද්‍යා අංශ ආරංචි මාර්ග පැවසීය.

මේ අතුරින් කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත‍්‍රික්ක අයත් වන බස්නාහිර පළාතේ පිහිටි කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර යා හැකි අධි අවදානම් ප‍්‍රදේශ සංඛ්‍යාව 47 කි.

තවත් ප‍්‍රදේශ 92ක් කොරෝනා වෛරසය පැතිරීම අඩු අවදානමක් සහිත ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙන අතර ප‍්‍රදේශ 161 ක් මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයකු හඳුනා නොගත් ප‍්‍රදේශ ලෙස හඳුනා ගෙන තිබේ.

තවත් ප‍්‍රදේශ 88ක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ප‍්‍රජාවට නිරාවරණය වී නොමැති බව අනාවරණය වී ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

lankaleadnews

Related posts

හලාවත ධීවරයෝ පොලිස් නිලධාරියෙකුට ගස් බැද පහර දෙති..

Malar FM

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන වෙන්දේසියක් පිළිබඳව චෝදනා – ජනාධිපතිට ලංසුකරුවකුගෙන් පැමිණිල්ලක්

Malar FM

නිරෝධායන පවුල්වලට දුන් 10,000 සලාකය සීමා කෙරේ.. චක‍්‍රලේඛය මෙන්න…

Malar FM