Local NewsNews

කටුනායක කලාපේ විශාල පිරිසකට කන්න නෑ.. බෝඩිං කාමරයේ හිරවෙති..

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සිරවී සිටි සේවක සේවිකාවන් විශාල පිරිසක් තම බෝඩිං කාමරවලට සිරවී දෛනික ආහාර අවශ්‍යතා පවා සොයාගැනීමට නොහැකිව සිටින බවත් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය සඳහන් කරයි.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වත් සමග එම කලාපයේ සේවක සේවිකාවන් සැලකිය යුතු පිරිසක් සිය ආහාර හා ඖෂධ ලබා ගැනීම ගැටලුවක් වී ඇත.

ඇතැම් කර්මාන්ත ශාලා වසා දමා තිබීම, වැටුප් නිසි ලෙස නොලැබීම ආදී කරුණු හේතුවෙන් ඔවුන් අත ප්‍රමාණවත් මුදලක් නොමැතිකම ද මීට ප්‍රධානම හේතුවක් වී තිබේ.

මෙසේ බෝඩින් කාමරවල සිරවී සිටින පිරිස් අතර සමහරුන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබීම නිසා තත්ත්වය වඩාත් අයහපත් වී ඇතැයි සංගමය සඳහන් කරයි.

මේ හේතුවෙන් සංගමයෙන් මැදිහත්වී වියලි ආහාර සලාක දහසක් පමණ දුෂ්කරතා ඇති පුද්ගලයන්ට බෙදා දුන් බව ද ඔවුන් සඳහන් කරයි.

lankacnews

Related posts

“රැකියා නැති උපාධි වලින් පලක් නෑ” ජනපති ගෝඨාභය විශ්වවිද්‍යාල ක්‍රමය වෙනස් කිරීමට යයි

Malar FM

කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..

Malar FM

රට විවෘත නොකර රුපියල රැක ගන්න බෑ… එහෙම වුනොත් රටට විශාල ප්‍රශ්නයක්..

Malar FM