Local NewsNews

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් යලි විවෘතයි.. අවම සේවකයන් කැදවා වැඩ අරඹයි..

කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීම හේතුවෙන් ඔක්තොම්බර් 05 වැනිසා වැනි දා සිට වසා දමා තිබූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව නැවත විවෘත කර තිබේ.

අද දින සිට එය විවෘත කර ඇත්තේ සියළු සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන සහ ක්‍රමවේදයන් වලට යටත්ව අවම සේවක සේවිකාවන් පිරිසක් යොදා ගනිමිනි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ වුවද මෙරට නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම ආයෝජන මණ්ඩලය අරමුණ බවයි.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ජාතික ආර්ථිකයට විශාල වශයෙන් දායක වන කර්මාන්ත ශාලාවක් ලෙස තම මණ්ඩලයේ නියාමනයට යටත්ව නැවත ආරම්භ කළ බවද එහි අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

lankacnews

Related posts

ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

Malar FM

ශ්‍රී ලංකා ආර්ථිකය යහමගට: මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගනී

Malar FM

කෝටි 64ක ලොතරැයි දිනුමක් ලැබූ ලාංකිකයා

Malar FM