Local NewsNews

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් යලි විවෘතයි.. අවම සේවකයන් කැදවා වැඩ අරඹයි..

කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීම හේතුවෙන් ඔක්තොම්බර් 05 වැනිසා වැනි දා සිට වසා දමා තිබූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව නැවත විවෘත කර තිබේ.

අද දින සිට එය විවෘත කර ඇත්තේ සියළු සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන සහ ක්‍රමවේදයන් වලට යටත්ව අවම සේවක සේවිකාවන් පිරිසක් යොදා ගනිමිනි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ වුවද මෙරට නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම ආයෝජන මණ්ඩලය අරමුණ බවයි.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ජාතික ආර්ථිකයට විශාල වශයෙන් දායක වන කර්මාන්ත ශාලාවක් ලෙස තම මණ්ඩලයේ නියාමනයට යටත්ව නැවත ආරම්භ කළ බවද එහි අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

lankacnews

Related posts

නැවු තටාකාංගනයේ කොරෝනා ආසාදිතයෙන් නිසා නාවලපිටියේ පවුලම නිරෝධායනයට..

Malar FM

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

Malar FM

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපති

Malar FM